අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සංවර්ධනයට නව ආයෝජන 23 ක්

    මාර්තු 15, 2017

    සෞඛ්‍ය සේවාවෙි සංවර්ධනය සඳහා විදේශීය ආයෝජන 23 ක් ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    නව ආයෝජන යටතේ නව රෝහල් ආරම්භ කිරීම හා රෝහල් සංවර්ධනය කිරීම ද ඇතුළත් වන අතර  ඖෂධ නිෂ්පාදනය මෙන්ම ශල්‍ය උපකරණ නිෂ්පාදනය ද එම ආයෝජන අතර වේ.

    ඒ අනුව සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියලුම උපකරණ පහසු ගෙවීමෙි ක්‍රමයට ලබාදීමට මැලේසියානු සමාගමක් එකඟත්වය පළ කර ඇත. ගෙවීම් කාලය වසර 20 ක් වන අතර ඉතා උසස් තත්ත්වයේ උපකරණ ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මේ අතර චීනයේ දැවැන්තම වෛද්‍ය ශල්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවෙි ශල්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. එහිදී ශල්‍ය උපකරණ භාවිතය පිළිබඳව ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින් දැනුවත් කිරීමට ද චීන රජයේ ශල්‍ය උපකරණ සමාගම සහ වෛද්‍යවරුන් මෙහිදී පොරොන්දු විය.

    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya