අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්යය බලශක්තියට "රිවිබල සවි" ණය ක්‍රමයක්

    මාර්තු 15, 2017

    පරිසර හිතකාමී සූර්යය බලශක්තී වැඩසටහන යටතේ නිවාස සඳහා සූර්ය කෝෂ පද්ධතියක් මිල දී ගැනීම සඳහා "රිවිබල සවි"  නමින් ඉතා සහනදායී ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එක් අයෙකු සඳහා මේ යටතේ රුපියල් 350,000 දක්වා ණය මුදලක් ලබා ගැනීමට හැකි බව ද පෙන්වා දුන්නේය.

     

    පුනර්ජනනිය බලශක්ති ප්‍රවර්ධනයේ යටතේ විශේෂයෙන් සූර්යය බලශක්ති වැඩසටහන දිරිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම සිදු වූ බව සඳහන් කළ ඒ මහතා එම ණය මුදලේ පොලිය 50%ක් රජය විසින් ගෙවීමට කටයුතු කරනු ලබන බව  සඳහන් කළේය.

     

    මෙහිදී පාරිභෝගිකයාගෙන් එක් විදුලි ඒකකයක් රුපියල් 22කට ලබා ගැනීමට අපේක්ෂා කරන බැවින් පාරිභෝගියාට ආයෝජන අවස්ථාවක් ලැබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එසේම මෙගා වොට් 1 බැගින් වන පුනර්ජනනීය බලශක්ති බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya