අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමට හෝ විකිණීමට ඉඩ දෙන්නේ නැහැ - ප්‍රවාහන ඇමැති

    මාර්තු 15, 2017

    වෘත්තිය සමිති හා විවිධ පාර්ශවයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා ගෙන යන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්, කිසි විටෙකත් වත්මන් රජයේ පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සිටින තුරු ප්‍රවාහන ක්ෂේත්‍රය කිසි විටෙකත් පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රචාර රජය අපහසුතාවයට පත් කිරීමට කෙරෙන ප්‍රකාශ බවයි.

    අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා බඳවාගන්නා ලද දුම්රිය එන්ජින් රියදුරු 29 ක් හා දුම්රිය නියාමකවරුන් 69 දෙනෙකුට පත්වීම් ලිපි  ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය.

    අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, වෘත්තීය සමිතිවලට අයිතියක් තියෙනවා තම වෘත්තීය අයිතීන් දිනා ගන්න. එසේ නැතුව ගල් පැලෙන බොරු කියමින් රජය අපහසුතාවයන්ට පත් කිරීම ඉතාමත් අසාධාරණ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ප්‍රධාන පක්ෂ දෙක එක් කොට ශක්තිමත් රජයක් සෑදීමට ජනතාව බලය ලබා දුන්නේ රජය සතු ආයතන විකිනීමටවත් පෞද්ගලික කරනය කිරීමටවත් නොවේ .

    විශේෂයෙන් දුම්රිය සේවාව ඇතුළු ප්‍රවාහන ක්ෂ්ත්‍රෙය් බස් සේවාව සහ ගුවන් සේවාව ගුණාත්මක භාවයකින් යුතුව සංවර්ධනය කිරීමට වත්මන් රජය විශාල ප්‍රයන්තයක් දරනවා.

    ලංගම සතුව බස්රථ 6500ක් තිබෙනවා .එමෙන්ම පෞද්ගලික බස් 25000 කට ආසන්න සංඛයාවක් ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබෙනවා.එනිසා ජනතාවට තමන්ගේ දෛනික ගමනා ගමන අවශ්‍යතාවයන් සඳහා කුමන සේවාවක් පරිහරණය කලයුතුද යන්න තෝරා ගත හැකිය.
    රජයක් ලෙස අපි සෑම විටම බැලියයුත්තේ ජනතාවගේ සුභසිද්ධිය සඳහායි.අද පෞද්ගලික බස්රථ සේවයෙන් ඉවත්වුවහොත් අපිට කිසිලෙසකත් ලංගම මඟින් මෙම මගී ප්‍රවාහන සේවාව සිදුකරගැනීමට හැකියාවක් නෑ .ඒ නිසා පෞද්ගලික බස්රථ සේවාවත් රැකගත යුතුයි.එමෙන්ම දුම්රිය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා පියවරයන් රැසක් මේ වන විට අමාත්‍යවරයා ලෙස අරගෙන තිබෙනවා.

    ඒ අනුව දුම්රිය සේවයට අළුතින් දුම්රිය එන්ජින් 16 ක් සහ බලවේග කට්ටල 10 ක් මිලදීගැනීමට අවශ්‍ය ගිවිසුම් මේ වනවිට අත්සන් කර තිබෙනවා .ඒ සඳහා ඉන්දියානු සහන ණය ආධාර යටතේ ඩොලර් මිලියන   100   මුදලක් රජයට ලබාදී තිබෙනවා එමෙන්ම කන්දඋඩරට ධාවනය සඳහා යුරෝපීය දුම්රිය එන්ජින් මිලදී ගැනීමට මේ වනවිට අවශ්‍ය ටෙන්ඩර් කැදවා තිබෙනවා.එමෙන්ම දුම්රිය සේවාවට අවශ්‍ය මානව සම්පත් ලබාගැනීම සඳහා මේවන විට වැඩ පිළිවෙළක් සකස්කර තිබෙනවා එහි තවත් එක් පියවරක් ලෙසයි දුම්රිය නියාමකවරුන් 69 දෙනෙකු සහ දුම්රිය එන්ජින් රියදුරු 29 දෙනෙකු අද දින බදවා ගනු ලබන්නේ එනිසා කිසි කෙනෙකුට මේ රජය ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා කිසිවක් කර නැතිබව ප්‍රකාශකල නොහැකිය.

    මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya