අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලුබෝවිල රෝහලේ ඩෙංගු මරණයක් ගැන පරීක්ෂණයක්

    මාර්තු 14, 2017

    දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පස් මස් ගැබිණි මාතාවක් ඩෙංගු රෝගය හේතුවෙන් මියයමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ෂණය කිරීම සඳහා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා, අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත්.


    ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ශණය කිරීමෙන් පසු ඒ පිළිබද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya