අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල මෙහෙවර මෙවර දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක කෙරේ

    මාර්තු 13, 2017

    නිල මෙහෙවර ජනපති ජනතා සේවය කුරුණෑගල,මන්නාරම,මුලතිව්,වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක 5 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  උපදෙස් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක්  පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.


    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පොළොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන් ඉතා සාර්ථකව අවසන් විය.


    මෙවර නිල මෙහෙවර පැවැත්වෙන දිස්ත්‍රික්කවල ජනතාවට බලපාන දස දහසක් වූ ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට විශේෂයෙන් උපදෙස් ලබාදීම අමාත්‍යවරයා විසින් සිදු කළ අතර අදාළ දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සඳහා වැයවන රජයේ ගාස්තු නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීම මෙම ජනතා සේවයෙහි විශේෂත්වයකි. ඒ සඳහා පෞද්ගලික අංශයෙන් අනුග්‍රහය ලබාදීම සිදු වෙයි.


    මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්ව සිටි අතර එම රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙම ජනතා සේවයේදී ඔවුන්ට හැකි උපරිම අයුරින් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය අනුග්‍රහය දැක්වීමටද මෙහිදී එකඟ විය.


    මෙම අවස්ථාව සඳහා තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, අශෝක් අබේසිංහ, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya