අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂන් 2020 වැඩසටහන අත්හිටුවීමට කටයුතු කර නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 13, 2017

    අක්ෂි ආබාධිත ජනතාව වෙනුවෙන් කටයුතු කළ විෂන් 2020 වැඩසටහන අත්හිටුවීමට කටයුතු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    විෂන් 2020 වැඩසටහන අත් හිටුවීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය මඟින් කෙරෙන ප්‍රචාර අසත්‍ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ග්ලුකෝම සතිය වෙනුවෙන්  මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (13) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

    විෂන් 2020 වැඩසටහන වෙනම වැඩකරන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පවතින්නේ එක ජාතික වැඩසටහනක්. ඒ ජාතික වැඩසටහනට විෂන් 2020 සහාය ලැබෙනවා. ජාතික අක්ෂි වැඩසටහනක් තිබෙනවා.

    විෂන් 2020 වැඩසටහන කාර්යාලය ජාතික අක්ෂි රෝහලට ගෙන ගිය පමණයි සිදු කළේ.මෙම වැඩසටහනට විශාල ලෙස මූල්‍ය ආධාර සිදු වෙනවා. ඒවා අධීක්ෂණය විය යුතුයි. ඒ සඳහා විගණන ක්‍රියාවලිය අමාත්‍යාංශය යටතේ තබාගත්තා.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාගේ අධීක්ෂණයට ලක් වෙනවා. 2020 වැඩසටහන ජතික වශයෙන් එළෙසම ක්‍රියාත්මක වෙනවා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya