අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලබන 20 වැනි දා

    මාර්තු 13, 2017

    "පිරිපුන් දිවියකට සුපසන් මුවක්” යන්න තේමා කොට ගනිමින් මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය මෙම මස 20 දිනට යෙදී ඇත. ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය විසින් 2017 මාර්තු මස 20 දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය එක්ව ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමෙි ජාතික වැඩසටහන 2017 මාර්තු 20 දින රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර ඇත.
     
    ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ යෝජිත ක්‍රියාකාරකම් වලට අදාළව සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරු සහ ආයතන ප්‍රධානනීන් වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර බණ්ඩාර මහතාගේ අත්සනින් යුත් පොදු චක්‍රලේඛයක් යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

    එම පොදු චක්‍රලේඛයේ සදහන් තොරතුරුවලට අනුව ජාතන්තර දන්ත වෛද්‍ය සම්මෙිලනය දන්වා ඇති පරිදි මෙම වසරේ සැමරුම් වලදී අවධානය යොමු කළ යතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි. ත‍ෘෂ මගින් යෝජනා කර ඇති ප්‍රධාන ක්ෂේත්‍ර අතුරින් ශ්‍රී ලංකාවේ ජනගහනයට අදාළ වන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් හඳුනාගෙන ඇත.

    එම ක්ෂේත්‍ර දෙක ලෙස පෙරපාසල් හා පාසල් දරුවන්ගේ මුඛ සනීපාරක්ෂාව වර්ධනය කිරීම, දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ විශේෂ අවධානම් කණ්ඩායම් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්කොළ භාවිතය වැළැක්වීම පෙන්වා දී ඇත.

    මෙහි යෝජිත ඉළක්කගත කණ්ඩායම් ලෙස පෙර පාසල් හා පාසල් දරුවන්, පාසල් හැරයන්නන්, තරුණ තරුණියන් සහ දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සඳහා වැඩි අවධානමක් ඇති විශේෂ කණ්ඩායම්, තේ සහ රබර් වතු සේවකයින්, මැණික් පතල් සේවකයින්, බස් සහ ත්‍රීරෝද රථ රියදුරන් ලෙස පෙන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya