මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම කඩිනමින්

    මාර්තු 13, 2017

    විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඒ සඳහා සියලුම විදේශගත ශ්‍රමිකයන් ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි වියයුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    ශ්‍රමික සුරැකුම් සේවය යටතේ අනුරාධපුර තඹුත්තේගම පැවති වැඩසටහනට  එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විදේශ ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ශ්‍රමික සුරැකුම යටතේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි වී එය ලබා ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ජනතාවගේ ප්‍රශ්න ගමට ඇවිත් විසඳන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර පක්ෂ පාට භේදයක් නැති පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදේශගත පැමිණෙන පිරිසට ඉදිරියට තම ජීවිකාව ගොඩනගා ගැනීම සඳහා ස්වයං රැකියාවක් කරගෙන යාම සඳහා උදව් ලබා දෙන වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya