අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් සේවයේ අනාගතය පිළිබඳව විද්වත් සංකථනයක්

    මාර්තු 12, 2017

    ජ්‍යෙෂ්ඨ රජයේ සේවකයන් සඳහා පවත්වනු ලබන  "සිවිල් සේවයේ අනාගතය" යන මැයෙන් විද්වත් කතිකාවක් ලබන 15වන දින සවස 2.30 සිට 05.00 දක්වා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ දී (58, සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07)  පැවැත්වෙන බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.


    මෙහි ප‍්‍රධාන දේශකයන් ලෙස මැකෙන්සි උපදේශන සමාගමේ නියෝජිතයන් වන ඇන්ඩූ ග‍්‍රාන්ට් (Mr. Andrew Grant) සහ සීලන් සිංහම් (Mr. Seelan Singham)  යන මහත්මාවරුන් සහභාගි වෙති.

    මැකෙන්සි උපදේශන සමාගම ලොවපුරා රටවල් රාශියක සිවිල් සේවාවන් පිළිබඳව කටයුතු කරන අත්දැකීම් බහුල සමාගමකි.

    ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ (PDO)  කේන්ද්‍රීය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (CMPU)මගින් මෙය සංවිධානය කරනු ලැබේ.

    මේ සඳහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ට මෙම අවස්ථාවට සහභාගි විය හැකි අතර ඉඩ පහසුකම් ඉතා සීමිත හෙයින් 011 2577343 දුරකථන අංකය මගින් ඔබගේ පැමිණීම සහතික කරන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya