අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි කාච පාරිභෝගිකයාට ලැබීම පිළිබදව විමර්ශනය ඇරඹේ

    පෙබරවාරි 21, 2017

    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අක්ෂි කාච වර්ග 38 ක මිල අඩු කිරීම වෙළෙද පොලේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමර්ශණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඊයේ (20) සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්, ආහාර හා ඖෂධ පරීක්ෂකවරු විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    එහිදී පසුගිය සිකුරාදා (17) නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව අක්ෂි කාච සමාගම් විසින් අක්ෂි කාච පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශණ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට පසුගියදා දැනුම් දී ඇත. යම්කිසි සමාගමක් වරදක් සිදුකර ඇත්නම් වහාම නඩු පවරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya