අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව අද සිට ඇරඹේ - වසරකට ලොව බිලියනයක් ජනතාව සංක්‍රමණය වෙයි

    පෙබරවාරි 21, 2017

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව අද  (21) සිට 23 දක්වා කොළඹ, ගලධාරී හෝටලයේ දී ආරම්භ වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මග්‍රට් චෑන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

    ලෝකය පුරා සංක්‍රමණ විශාල වශයෙන් සිදුවන අතර සංක්‍රමණිකයන්ට බලපාන සෞඛ්‍ය ගැටළු පිළිබඳව ජාත්‍යන්තරව අවධානය යොමු කිරීම සිදුවෙයි. ඒ අනුව ඔවුන්ට බලපාන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සෞඛ්‍ය ගැටළු සඳහා මදිහත්වීමට ක්‍රමවේද සැකසීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ.

    සමුළුව අවසානයේ ගන්නා ක්‍රමවේද සහ ජාත්‍යන්තරව එකඟවිය හැකි ක්‍රමවේද, ප්‍රතිපත්ති ඇතුළත් කොළ ප්‍රකාශය එළිදැක්වීම සිදු කිරීමට ද නියමිතය. සමුළුව සඳහා රටවල් රැසකින් විශේෂ නියෝජිතයන් 50ක් පමණ සහභාගීවීමට නියමිතය.

    ලෝකයේ වසරකරකට බිලියනයක ජනතාවක් විවිධ අරමුණු උදෙසා සංක්‍රමණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10%ක් මිලියන 1.9ක් විදේශයන්හි සේවය කරන අතර ඔවුන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8%ක් ශ්‍රී ලංකාවට ගෙන එයි.මිලියන 1.8ක සංචාරක ප්‍රමාණයක් වසර 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ තුන්වැනියට ආදායම උපයන මාර්ගය වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya