මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

    පෙබරවාරි 20, 2017

    දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වේ.

     

    සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු  පළාත්වල ඇතැම්ස්ථානවල තරමක් තද වැසි ඇති විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

     අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya