අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් නගා සිටුවීමේ විධිමත් වැඩපිළිවෙලක් දියත් කරනවා- අධ්‍යාපන ඇමැති

    පෙබරවාරි 19, 2017

    දිවයින පුරා පිහිටි සියලුම පිරිවෙන්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ සඳහා පිරිවෙන් පද්ධතිය පිළිබඳ නිවැරදි තොරතුරු අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා තෛනිකායික මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා අනුව පිරිවෙන් නගා සිටුවීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බව ද සඳහන්  කළේය.

     

     පිරිවෙන් පරිවේණාචාර්යවරුන් 199 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍ර‍දානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    පැවිදි පරිවේණාචාර්යවරුන් 122 දෙනෙකු සහ ගිහි පරිවේණාචාර්යවරුන් 77 දෙනෙකු මෙහිදී තමන්ට හිමි පත්වීම් ලිපි අමාත්‍යවරයා අතින් ලබාගත් අතර මෙම උත්සව අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමීන් වහන්සේ, අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) මධුරා වේහැල්ල මහත්මිය ඇතුළු පැවිදි ගිහි පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya