මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අබුඩාබි සංවාද 23 දා සිට - සභාපතීත්වය ඇමතිනි තලතා අතුකෝරළට

    ජනවාරි 19, 2017

    අබුඩාබි සංවාදයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ රැස්වීම හා සිව්වැනි අමාත්‍ය මණ්ඩල උපදේශනය, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා සාමාජික රටවල විදේශ රැකියා අංශය භාර අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ලබන 23 හා 24 දෙදින සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

    වසර දෙකක කාලයක් සඳහා මෙවර සමුළුවේ සභාපතීත්වය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවී තිබේ.

     

    විදේශ රැකියා සඳහා යොමුවන ශ‍්‍රමිකයින්ගේ තාවකාලික ශ‍්‍රමය යොදාගැනීමට අදාළ ජාතික නීතිරීති හා සාමාජික රාජ්‍යයන්හි ඒකාබද්ධ වගකීම පිළිගැනීමේ අරමුණ සහිතව ස්වේච්ඡා රාජ්‍ය ප‍්‍රවේශයක් ලෙස අබුඩාබි සංවාදය ස්ථාපිත කරනු ලැබුවේ 2008 වසරේදීය. වර්තමානයේ මෙම සංගමය රටවල් 18කින් සමන්විත වේ. මෙහි සාමාජික රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය, බහරේනය, කුවේටය,  ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියාව යන රටවල් වේ.

     

    මෙම සංවාදයේදී අවධානය යොමුකරන කරුණු වන්නේ,

     

    1. ශ‍්‍රම වෙළඳපොල ප‍්‍රවණතා, නිපුණතා පැතිකඩ, සේවක සහ පේ‍්‍රෂණ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රවාහ සහ සංවර්ධනයට ඇති සබඳතාවය පිළිබඳ දැනුම වර්ධනය කරගැනීම හා බෙදාහැරීම.

    2. ශ‍්‍රම සැපයුම හා ඉල්ලූම වඩා සඵලව ගැලපුම සඳහා ධාරිතා ගොඩනැගීම.

    3. නීති විරෝධී බඳවාගැනීම් වැලැක්වීම හා ගිවිසුම්ගත සේවකයින් සඳහා සුභසාධනය හා ආරක්‍ෂාව පිළිබඳ කි‍්‍රයාමාර්ග ප‍්‍රවර්ධනය කිරීම.

    4. ප‍්‍රභව හා ගමනාන්ත රටවල අනෝන්‍ය බැඳියාවන් ශක්තිමත් කරන්නාවූ සමස්ත ගිවිසුම්ගත තාවකාලික රැුකියා චක‍්‍රය කළමණාකරණය කිරීම පිණිස පුළුල් ප‍්‍රවේෂයක් සඳහා රාමුවක් සකස් කිරීමයි.

     

    ජනවාරි මස 24 වෙනි දින පැවැත්වෙන සිව්වැනි අමාත්‍ය උපදේශන රැස්වීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya