අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර හා කෘෂිකර්ම සමුළුවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති පිටත්ව යයි

    ජනවාරි 19, 2017

    ජාත්‍යන්තර කෘෂිකර්ම සතියට සමගාමීව ජර්මනියේ බර්ලින් නගරයේ දී හෙට (20) සිට 29 දක්වා පැවැත්වෙන ආහාර හා කෘෂිකර්ම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (19) ජර්මනිය බලා පිටත්විය.

    මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන 9 වන බර්ලින් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ද වසන්ත අලුවිහාරේ මහතා සහභාගී වන අතර එහිදී දේශපාලනික, විද්‍යාත්මක, ව්‍යාපාරික හා සිවිල් සමාජයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් තිරසාර කෘෂිකර්මයට අදාළව ජල පරිහරණය පිළිබඳව ගෝලීය මට්ටමින් සාකච්ජා කිරීමට නියමිතය.

     


    ඒ පිළිබඳව එළඹීමට නියමිත අන්තර් ජාතික මට්ටමේ තීරණවලට ලාංකීය කෘෂිකර්මික ක්ෂේත්‍රයේ ද්වීපාර්ශවික සබඳතා ඇති කර ගැනීමත් කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් රටේ ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමට අවස්ථාව උදාවන අතර මේ සඳහා අමාත්‍යවරයාට ජර්මානු රජයේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යවරයා ආරාධනා කර තිබේ.

     

    මෙම අවස්ථාවට ජාතික කෘෂිකර්මික ප්‍රතිපත්ති සභාපති ආචාර්ය එස්.එස්.එස්.බි.ඩි. ජයවර්ධන මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya