අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ බදු ආදායම ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යෑම රජයේ ඉලක්කයයි

    ජනවාරි 19, 2017

    රටේ බදු ආදායම ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යෑම රජයේ ඉලක්කය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    මන්ත්‍රීවරයා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    රටේ බදු මුදල් කොහොමද සුරක්ෂිත කරන්නේ කියා බලනවා. දේශපාලඥයින්ගේ සාක්කු වලට නොගොස් ඒ සහන ජනතාවට ලබාදෙනවා. ජනතාවගේ මුදල් සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2016  වසර වන විට බදු ඉපැයූ ෆයිල් තිබුණේ, 6,94,000ක්. මේ වනවිට එය 14,50,000ක් දක්වා වැඩිකරගන්නට හැකි වුණා.

     

    වසර 2014 වනවිට අපේ අපනයනය සියයට 14.9%ක් දක්වා අඩු වී තිබුණා. අපට ඉදිරියේ දී ජී.එස්.පී. ප්ලස් ලැබෙනවා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ආරම්භ කළා ඉන් 180ක් වැසී ගිය. මේ සහනය  මඟින්  නව රැකියා උත්පාදනය වෙනවා.

     

    අද ඒකාබද්ධ විපක්ෂය රට්ට බොරු කියල බිල්ලෝ මවනවා.විපක්ෂයට අද කතාකරන්න දෙයක් නැති නිස බිල්ලෝ මවනවා. පැහැදිළිව දැනගන්න තොරතුරු දැනගැනීමේ පනත තිබෙනවා. ජනතව ඉන් ප්‍රයෝජනයක් ගත යුතුයි. වැඩකරන සමාජයක් යහපාලනය මඟින් ගොඩනගනවා යැයි ද මන්ත්‍රීවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya