මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ආණ්ඩුවෙන් විශාල සහන රැසක් ජනතාවට ලැබුණා - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

    ජනවාරි 19, 2017

    යහපාලන ආණ්ඩුවෙන් විශාල සහන රැසක් ජනතාවට ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්න දවල් හීන දකිනවා. ඔලුගෙඩි මාරු කළාට ආණ්ඩු පෙරළන්න
    බැහැ යැයි  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.


    රාජ්‍ය අමාත්‍යවරයා  අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභගීවෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    යහපාලන ආණ්ඩුවෙන් විශාල සහන රැසක් ජනතාවට ලැබුණා. ධීවර කර්මාන්තය ගොඩනගන්නට ධීවරයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ජනතාවට අවශ්‍ය සහන සළසා දීමට රජය කටයුතු කර තිබෙනවා.


    මේ රට සංවර්ධනය කරනවිට ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල්කාරී වැඩ කරගෙන යනවා. කුහක ලෙස, දේශපාලඝ්නයින් මෙම කඩාකප්පල්කරී ක්‍රියාව සිදු කරනවා. අපි හම්බන්තොට දී දැක්කේ එයයි. හම්බන්තොට ජනතාව ඊට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ස්ථූතිවන්ත වෙනවා. රටේ ගෞරවය රැක ගැනීමට හම්බන්තොට ජනතාව කටයුතු කළා.

     

    ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්න දවල් හීන දකිනවා. ඔලුගෙඩි මාරු කළාට ආණ්ඩු පෙරළන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් සල්ලිවලට ගන්න බෑ. ඒකාබද්ධ කණ්ඩයමට වහල් වෙන්නේ නෑ.

     

    රැකියා දස ලක්ෂයක් සඳහා  ගත් උත්සහයක් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය. එය කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා. ජී.එස්.පී.ප්ලස් සහනය රටට ලබෙනවා. ණයෙන් නිදහස් වීමට වරාය ව්‍යාපෘතිය ආරම්භ කළා. හම්බන්තොට ප්‍රහාරය සැළසුම් කර සිදු කළ දෙයක්.

    මේ වනවිට ධීවර ආර්ථිකය ගොඩනගන්නට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මකයි.විදේශීය ආයතන සහාය ඒ සඳහා ලැබෙනවා. ධීවර නිවාස 100ක් ඉදිකිරීමට කටයුතු කරනවා. උඩප්පුව, තංගල්ල,ආදී වරායන් බහුකාර්යය වරයන් ලෙස සංවර්ධනය කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.

     

    මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya