මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී වැසි සහිත කාලගුණ තත්ත්වය - ශීත කාලගුණයේ තාවකාලික අඩුවීමක්

    ජනවාරි 19, 2017

    ඉදිරි දිනවලදී (ජනවාරි 20වන දින සිට) වැසි සහිත කාලගුණ තත්ත්වයක්(විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (19) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් කර තිබේ. දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැක.

    උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි බලාපොරොත්තු විය හැක.දකුණු සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති විය හැක. අනෙකුත් පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

    දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya