අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය භාවිතා කරන්න - විදුලිය අපතේ යවන්න එපා - අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීමට කටයුතු කරන්න

    ජනවාරි 18, 2017

    විදුලිය භාවිතා කරන්න. විදුලිය අපතේ යවන්න එපා.අනවශ්‍ය විදුලි පහන් නිවාදමන්නට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපති  අනුර විජේපාල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සභාපතිවරයා,මේ බව ප්‍රකාශ කළේ, අයහපත් කලගුණික තත්ත්වය  හේතුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදු වී  තිබෙන බලපෑම සහ ඉදිරි වැඩසටහන පිළිබඳව අද (18) කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය  සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     

    තවදුරටත් අඳහස් දැක්වූ සභාපතිවරයා, නියඟය නිසා විදුලිය සැපයීම අර්බුදකාරී තත්ත්වයට තිබෙනවා.ජලාශවල ජල මට්ටම පවතින්නේ සියයට 42%ක මට්ටමකයි.අද වනවිට එය සියයට 33%ක් දක්වා අඩු වී තිබෙනවා. අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා විදුලිය උත්පාදනයට. තාප බලාගාරය උපරිමයෙන් ක්‍රියාත්මකයි, නොරොච්චෝල බලගාරය ද ඇතුළුව.අධික මිලක් වැය වුණත් එය ජනතාව වෙත පටවන්නට සූදානමක් නෑ. රජයේ ප්‍රතිපත්තියත් එයයි.විදුලිය කැපීමකින් තොරව උපරිම ආකාරයෙන් විදුලිය ලබාදීමට කටයුතු කරනවා.

     

    විදුලිය භාවිතා කරන්න. අපතේ යවන්න එපා.අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීමට කටයුතු කරන්න. විදුලිය සම්බන්ධයෙන්  විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා, ඉල්ලුම් පාර්ශවීය බලශක්ති ලඛමනාකරණය නමින් ක්‍රියාත්මක කරන්නට.විදුලි උත්පාදනයට රුපියල් 30-35 අතර මුදලක් වැය වෙනවා. විදුලි ඒකක 4ක් නාස්තිවීම තෙල් ලීටරයක් නාස්ති වුවා හා සමානයි.

    දෛනික අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණය මෙ.වෝ.මිලියම්න  42-45 අතර ප්‍රමාණයක්.සූර්ය බල සංගාමය යටතේ සියලු වහලවල් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කළ හැකි ලෙස සකස් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා යැයි ද සභාපතිවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya