අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජලය ලබාදීමේ ගැටළුවක් නෑ - ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අවශ්‍යයි

    ජනවාරි 18, 2017

    පවතින නියඟය තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා මහජන සහාය අවශ්‍ය බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසයි.

    සභාපතිවරයා,මේ බව ප්‍රකාශ කළේ, අයහපත් කලගුණික තත්ත්වය  හේතුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදු වී තිබෙන බලපෑම සහ ඉදිරි වැඩසටහන පිළිබඳව අද (18) කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     

    කළුතර ප්‍රදේශයේ පානීය ජලය ලබාදීම සඳහා බවුසර් මඟින් හා ජල ටැංකි ලබාදෙමින් කටයුතු කරනවා. නුවර ප්‍රදේශයේ සුළු ජල යෝජනා ක්‍රමවල සහාය ලබාගන්නවා. මාතර ජලය ලබාදීම සීමා කර තිබෙනවා. පෞද්ගලික හා පොදු නළ ළිං 30,000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කෙටි කාලීනව නළ ළිං 1000ක් ප්‍රතිසංස්කරණය කරනවා. ළිං 400ක් හදලා තිබෙනවා. පානීය ජලය ලබාදීම සීමා  කරන්නේ නෑ. කොළඹ පානීය ජලය ලබාදීම සීමා කර නෑ. මාර්තු අවසානය දක්වා පානීය ජලය අවශ්‍ය ආකාරයට ලබාදෙන්න හැකියාව තිබෙනවා යැයි ද සභාපතිවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya