මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයෙන් ඖෂධ නිෂ්පාදනාගාරයක්

    ජනවාරි 12, 2017
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සදහා අදාල යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම අත්සන් කිරිම සිදුවිය.
    අමාත්‍යාංශය වෙනුවන් සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ගිවිසුමට අත්සන් කරන ලදි. ජපානය වෙනුවෙන් එම නිෂ්පාදනාගාරය ඉදිකරන ජපාන කතිමංසු සංස්ථාවේ ව්‍යාපෘති කළමණාකරු මොතොකෝ යොකෝසි මහතා ගිවිසුමට අත්සන් කරන ලදි. නව නිෂ්පාදනාගාරය ඉදිකිරිම සදහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි.
     
    මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා - "රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මේ වනවිට වාර්ෂිකව ඖෂධ පෙති මිලියන 1,900 ක් නිෂ්පාදනය කරනවා. නව නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරීමෙන් පසු එය මිලියන 3,800 දක්වා වැඩි වෙනවා. රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග වලින් 43% ක් නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. නව නිෂ්පාදනාගාරයෙන් එය 70 % දක්වා වැඩි වෙනවා. සෞඛ්‍ය සේවාව නොමිලයේ ලබාදීම සදහා අවශ්‍ය සියළුම පියවර රජය විසින් ගනු ලබන අතර, රෝහල්වලට අවශ්‍ය ඖෂධ මාස 02 ක තොඟයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිඛෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග සමාගම් 24 ක් ඖෂධ නිෂ්පාදනය කිරිමට ගිවිසුම් අත්සන් කර තිඛෙනවා. තවත් සමාගම් 08 ක් ස්වාධිනව ඖෂධ නිෂ්පාදනය කිරිමට සුදානම්. තවත් සමාගම් 07 ක් ඉදිරියේ දී ඖෂධ නිෂ්පාදනය කිරිමට එක්වීමට නියමිතයි.  මාගේ බලාපොරොත්තුව 2018 අවසන් වන විට ඖෂධ වලින් 80% ක් දේශීයව නිෂ්පාදනය කිරිමටයි.” 
     
    "ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැය කරනවා. ඖෂධ කර්මාන්තපුර ඉදිකිරීම සදහා කළුතර, හොරණ සහ කුරුණෑගල ඉඩම් ලබාගැනිමට අපි සැළසුම් කර තිඛෙනවා. සෑම ඖෂධයක්ම හිඟයකින් තොරව ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා.” 
     
    ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය කිරීමට ද සැළසුම් කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජපාන ජයිකා ව්‍යාපෘතියේ නිලධාරින් ද එක්ව සිටියහ. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya