මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු හා පාකිස්ථානු ජනමාධ්‍යවේදීන්ගේ හමුවක්

    දෙසැම්බර් 08, 2016
    ඇමරිකානු හාවඩ් විශ්ව විද්‍යාලයේ පිහිටි ඊස්ට් - වෙස්ට් සෙන්ටර් මගින් සංවිධානය කල​​ඉන්දියානු හා පාකිස්ථානු ජනමාධ්‍යවේදීන්ගේ හමුව හා කතිකාවත සඳහා සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව ඉදිරිපත්විණි. මෙමගින් ඉන්දීය හා පාකිස්ථානු ජනමාධ්‍යවේදීන් අතර තොරතුරු නිවැරදිව හුවමාරු කරලීම අපේක්ෂාව වී තිබේ. පාකිස්ථානු මාධ්‍යවේදීන් ඉන්දියාවට ගොස් ඉන්දීය තොරතුරු රැස්කිරීම හා ඒවා නිවැරදිව වාර්තාකරණය කිරීම, ඉන්දියානු මාධ්‍යවේදීන් පාකිස්ථානයට ගොස් පාකිස්ථානයේ තොරතුරු රැස්කිරීම හා ඒවා වාර්තා කිරීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇත. 
    එලෙස දෙරට අතර සිදුකල මාධ්‍ය සංහිඳියා වැඩපිළිවෙලට එක්වූ ජනමාධ්‍යවේදීන් තිස්දෙදෙනකු මෙලෙස ශ්‍රී ලංකාවේදී හමුවී විශේෂ කතිකාවතකට එක්වු අතර ඒ ඉන්දීය හොලිවුඩ් සිනමාව පාකිස්ථානයට රැගෙනයාම, බෝවන රෝග සම්බන්ධව දැනුවත් කිරීම වැනි වැඩසටහන් ඉදිරියේදී සිදුකරගෙන යාම සම්බන්ධවය. 
     
    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්ව සිටි අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, ඇමරිකානු ඊස්ට් - වෙස්ට් සෙන්ටර් හී මාධ්‍ය වැඩසටහන් කළමණාකරු රූසන් ක්‍රයිෆල්, මහාචාර්ය ස්කොට් මැක්ඩොනල්ඩ් යන මහත්ම මහත්මීන් එක්වූහ. කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී මෙම හමුව සිදුකෙරිණි.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya