අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට තීරණය කරයි

    දෙසැම්බර් 07, 2016

    සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (07) පැවසීය.

    පාර්ලිමේන්තු සංකීරණයේ අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

     

    ඒ අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැන‍ට ඉටු කරනු ලබන ගොඩබිම ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතද, සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද පැවරීමටත්, නීතිපතිවරයාගේ  උපදෙස් අනුව මෙම සමාගම ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය ඇත.

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් තිබේ.

     

    එවකට දිවයින තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථානවලට ආරක්ෂාව සපයමින් සිටි සන්නද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානවලින් ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවීමේ අවශ්‍යතාව මතු වූ බැවින් එවැනි ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රජයට අනුබද්ධ ආරක්ෂක සේවයක් ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya