අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක්

    දෙසැම්බර් 07, 2016
    දිනෙන් දින වැඩිවන  මාර්ග අනතුරු අවම කිරීම සඳහා  ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මාර්ග ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් අද ( 07) වෝටර්ස් එජ් හි පැවැත්වේ.
    පාසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් හා විද්වතුන් ඉලක්ක කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.  
     
    මෙහිදී අදහස් දැක්වු  මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ,අද ප්‍රවාහනය රටේ ආර්ථිකය වර්ධනයට ඕනෑවට වඩා බලපෑමක් ඇති කරන බවත් එම තත්ත්වය වැඩි වුවහොත් ඉදිරියේදී අර්ථිකය කඩා වැටීම සිදුවනු ඇතැයිද ඒ නිසා මේ සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීමට කාලය එළඹී තිබෙන බවද පැවසීය.   එසේම නගරයේ ස්ථාන නවයක වාහන නතර කිරීම සඳහා ඉඩකඩ සැලසීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
     
    අධිවේගී මාර්ග සෑදීමට සමාන්තරව පොදු ප්‍රවාහන සේවය හා නාගරික සැලසුම්කරණය ශක්තිමත්  විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    මාර්ග අනතුරු අද ප්‍රවාහන ප්‍රශ්නයක් නොව සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී ඇතැයිද  මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 
     
    ශ්‍රි ලංකා රෑපවාහිනී සංස්ථාව, ලෝක සෞඛ්‍ය සංවිධානය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
     
    AP
     
     
     
     
     
     
     
     
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya