මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තඹුත්තේගමට පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයක්

    ඔක්තෝබර් 22, 2016
    මහවැලි එච් කළාපයේ ගොවීන්ගේ පළතුරු සදහා නිසි මිලක් ලබා දීමේ අරමුණින් සාක් සංවර්ධන අරමුදල යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා පශු අස්වනු තාක්ෂණික ආයතනය එක්ව තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේදී පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබීය.
    කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක, මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍යය අමාත්‍යය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
     
    මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයේදී පළතුරු හොදින් සෝදා පිරිසිදු කර,පළතුරු වල බර ප්‍රමාණයන් අනුව තෝරා වෙළදපළට නිකුත් කිරීමට අවශ්‍යය අයුරින් ඇසුරුම් කිරීම් සිදු කර ඉල්ලුමක් ලැබෙනතුරු ශීතාගාර තුළ ගබඩා කර තැබීම සිදු කරනු ලබයි. මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය සදහා එම ප්‍රදේශයේම තරුණ තරුණියන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා පුහුණු කර ඒ සදහා යොමු කිරීමටද නියමිතය.
     
    මහවැලි එච් කළාපයේ බහුලව වගා කෙරෙන කෙසෙල්, කොමඩු, අඹ, පැපොල් ආදී පළතුරු සදහා නිසි වෙලදපලක් ලබා දීමේ අරමුණින් මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත විය.එහිදී ප්‍රදේශයේ පළතුරු ගොවීන් සදහා පළතුරු ප්‍රවාහනයට අවශ්‍යය කූඩ ප්‍රදානය කිරීමද අමාත්‍යයවරුන් අතින් සිදු කෙරිණි.
     
    එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
     
    අපේ ගොවියන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් තමා අස්වැන්නට නිසි මිලක් නොලැබීම, අස්වැන්නට නිසි මිලක් ලැබෙන්න නම් නිසි ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා, ඒ ප්‍රමිතිය නිර්මාණය කර ගන්න ගොවියෝ කටයුතු කරන්නේ නෑ, ප්‍රමිතිය ලබා ගන්න එළවලුව, පළතුරුව පිරිසිදු කරන්න, ඒවා නිසි ලෙස ඇසුරුම් කරන්න ගොවියෝ යොමු වෙන්නේ නැහැ.ඒ නිසා තමයි ගොවි ජනතාවට අස්වැන්නට නිසි මිලක් ලබා දීම සදහා අස්වැන්නට  ගුණාත්මක අගයක් එක් කිරීම සදහා මේ ලෙස පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබුවේ.
     
    ගොවීන් අස්වනු ප්‍රවාහනයේදී විශාල ලෙස අස්වනු අපතේ යනවා, අස්වනු සුරක්ෂිතතාවය සදහා ගොවියා යොමු විය යුතුව තිබෙනවා.මොකද අස්වනු  නෙලීමේදී, ප්‍රවාහනයේදී විශාල ලෙස අස්වනු වලට හානි සිදුවෙනවා කියන්නේ එය ගොවියාට , වගේම රටටත් විශාල පාඩුවක්.ඒ නිසාවෙන් ගොවින්ට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට, අස්වනු හානිය වලක්වා ගැනීමට හා අස්වැන්නට ඉහල අගයක් ලබා ගැනීමට අවශ්‍යය දැනුම ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya