අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී තේ පොල් රබර් හා ක්ෂේත්‍ර භෝග සියල්ලට ම පොහොර සහනාධාර

    ඔක්තෝබර් 22, 2016
    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙල අනුව වී වගාව සඳහා පොහොර සහනාධාර ලබාගන්නා ගොවියෙකුට වෙනත් භෝග වගාවන් සඳහා එම සහනාධාර මුදල් හිමි වූයේ නැත. එහෙත් ඒ සම්බන්ධව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග (අල, ලූනු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) ආදී සෑම වගාවක් සඳහා ම ගැටළුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගත හැකි ය.
    රබර් වගාව සඳහා අවම පර්ච් 20 ක් හා උපරිම හෙක්ටයාර එකක් (අක්කර 2.5) ප්‍රමාණයකට යටත්ව වසරකට උපරිම රුපියල් 5,000 දක්වා පොහොර සහනාධාරය ලබා දේ.
     
    තේ වගාව වෙනුවෙන් හෙක්ටයාර එකක් සඳහා උපරිම රුපියල් 15,000 ක සීමාවකට යටත්ව ගෙවනු ලැබේ.
     
    පොල් වගාව සඳහා අවම පර්ච 20 ක පොල් ගස් 08 ක් තිබිය යුතු අතර උපරිම හෙක්ටාර දෙකකි. (අක්කර 05) පොල් ගසකට රුපියල් 56 බැගින් සහනාධාර ලබා දේ.
     
    අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා අක්කර දෙක හමාරක උපරිමයකට යටත්ව රුපියල් 10,000 ක් ගෙවනු ලැබේ.
     
    කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5,000 කි. හෙක්ටයාර 02 ක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25,000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50,000 ක මුදල් හිමි වේ.
     
    මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් 32,292  දෙනෙකු සඳහා පසුගිය යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 178.47 ක මුදලක් ගෙවා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පවසයි.
     
    පසුගිය කන්නයේ පොහොර සහනාධාරය ලබාගෙන වී වගා නොකළ ගොවීන් සඳහා මෙවර මහ කන්නය වෙනුවෙන් පොහොර සහනාධාරය හිමි නොවේ.
     
    AP/DMU-Matara
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya