අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමුන් සුරකින වැඩසටහන් රැසක්

    සැප්තැම්බර් 26, 2016
    ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වන ළමුන් සුරක්ෂිතව ගොඩනංවාලීමට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ප්‍රමුඛව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු රජය මගින් සුවිසල් දායකත්වයක් ලබා දී ඇත. 
    වත්මන් රජයේ පූර්ණ අනුග්‍රාහකත්වය හා මග පෙන්වීම යටතේ ළමයා යහපත් පුරවැසියෙක් බවට පත් කිරීමෙන්, යහපත් රටක් හා හෙටක් ගොඩනැංවීම ප්‍රධාන අරමුණකි. 
     
    ළමා ශ්‍රමය වැළක්වීම සදහා ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන එක්ව කරන දැනුවත් කිරීම හා නීතිමය කටයුතු සිදුකිරීම ආදිය ඉතා ඉහළ තත්ත්වයක පවතී. විශේෂයෙන් මෙම දැනුවත් කිරීම තුළින් ළමුන්ට මෙන්ම දෙමාපියන්ට ද මේ සම්බන්ධව දැනුවත්භාවයක් ලබා ගැනීමට හැකි වීම සාධනීය කරුණකි.  අවුරුදු 14 ට අඩු ළමුන්ගේ රැකවරණය ඉහළ නැංවීමට සම්බන්ධ දෑ නීතිය තුළින් ක්‍රියාත්මක කිරීමට ආදාළ ආයතන කටයුතු කිරීම හේතුවෙන් ළමා ශ්‍රමය අවම කිරීමට හේතුවක් වේ. අධිකරණ ගතව සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාමත් පැසසුම් දායකය.
     
    ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන “ හලෝ යාළු - 1929 ” වැඩසටහන ද , පුංචි ළමුන්ගේ යහපත් ආරක්ෂකයෙකු වී ඇත. 
     
    ළමා අපයෝජන හමුවේ දරුවන්ට සෘජුවම 1929 අමතා තොරතුරු ලබාදීමටත් එතුළින් දරුවන්ගේ ආරක්ෂාව ඇතිකර ගැනීමටත් මෙමගින් හැකිවේ.. විශේෂයෙන්  ලිංගික , ශාරීරික හා මානසික අපයෝජන නොසලකා හැරීම ආදිය පිළිබඳව මෙම දුරකථනය මගින් දැනුවත් කිරීම කළ හැකිය. කුමන අන්දමේ හෝ ළමා හිංසනයක් හමුවේ දරුවන්ට තිබෙන සුවිසල් රැකවරණක් ලෙස හෙලෝ යාළු 1929 හැදින්විය හැකිය.
     
    පිබිදෙන මව්බිමේ සුභ අනාගතය වන සෑම දරුවෙකුම සුරක්ෂිත කිරීමේ අරමුණු ඇති  “ හෙට නොවේ අද ” ව්‍යාපෘතිය ද ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකි. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් බහුවිධ ප්‍රවේශයක් තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත දරුවන්ගේ රැකවරණය සැලසීම මෙම දැනුවත් කිරීම තුළින් සිදු වේ. 
     
    ළමා අයිතිවාසිකම් සුරැකීමට දැනුවත් කිරීම් ආදිය තුළින් ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කටයුතු අධීක්ෂණය ළමා අයිතීන් පිළිබද එක්සත් ජාතික ප්‍රඥප්ති ප්‍රකාර ඒ පිළිබද දැනුවත් කිරීමට පැසසිය යුතුය. 
    ළමා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ළමා අයිතිවාසිකම් පිළිබදව දරුවන්ට යම් හෝ අවබෝධයක් ලබා දීමට දරා ඇති ප්‍රයත්නය ඉතාමත් කාලෝචිතය.
     
    දරුවන්ට යහපත් පරිසරයක් තුළින් පවුල ගොඩනැංවීම පිළිබද විවිධ මාධ්‍ය ඔස්සේ දරුවන්ට දැනුම ලබා දීමට මෙම ආයතනය කටයුතු කිරීම අතිශයින් අගය කළයුතුය.  දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්, වැඩිහිටියන් දරුවන් දැනුවත් කිරීම තුළින් සුරක්ෂිත ළමා ලෝකයක් ගොඩනැංවීට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ඇතුළු ප්‍රමුඛ ආයතනය දරන ප්‍රයත්නය අතිශයින් ප්‍රශංසනීයයි.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya