අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මෙට්‍රික් ටොන් 24,968 ක් මිලදී ගෙන අවසන්

    සැප්තැම්බර් 24, 2016
    මෙවර යල කන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසු දිස්ත්‍රික් 19 ක් තුළ ඊයේ දිනය  වන විට ගොවියන් 2,700 ක ගෙන් සම්බා, නාඩු, කීරි සම්බා වී මෙට්‍රික් ටොන්. 24,968 ක් මිලදී ගෙන අතර ඒ වෙනුවෙන් මිලියන 1,035 ක මුදලක් වී ගොවීන් වෙත ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලය පවසයි.
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මග පෙන්වීම මත නව රජය වී සඳහා සහතික මිලක් නියම කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශය මඟින්ද තරඟකාරී මිල ගණන් යටතේ ගොවියන්ගෙන් වී මිලදී ගන්නා නිසා,  ඔවුන් වී අලෙවි මණ්ඩලයට වී නොදී පෞද්ගලික වෙළදුන් වෙත වී අලෙවි කිරීම කෙරෙහි යොමු වී ඇත.
     
    ඒ හේතුව නිසා වී අලෙවි මණ්ඩලයට ඊයේ දිනය වන විටත් ඉතා අඩු වී තොගයක් පමණක් ලබා දී ඇති බවද, කෙසේ වෙතත් ඉදිරි දිනවල දී ද නොකඩවා වී මිලදී ගැනීමට දිවයින පුරා පිහිටි වී ගබඩා විවෘතව තබන බවද ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya