අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ සුරක්ෂිත සතියට වරාය සේවකයින් එක් වෙයි

    සැප්තැම්බර් 23, 2016
    වෙරළ සුරක්ෂිත සතිය වෙනුවෙන් ගාලුමුවදොර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහන ඊයේ පැවැත්විණි.  
    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමාජ සුභසාධන අංශයයි.  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ද මීට එක් විය.  රජය ප්‍රකාශයට පත් කළ වෙරළ සතියට සමගාමීව එය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
     
    ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය ආරම්භ වූයේ 1986 වර්ෂයේදීයි. ඒ ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ස්වේච්ඡා සේවකයෝ ඊට පුරෝගාමී වූහ. එදා සිට සෑම වසරකදීම සැමරෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය සමරමින් ශ්‍රී ලංකාව ස්වකීය වැඩටසහන් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. වෙරළ සතිය සමරමින් අද දියත් කළ ගාලු මුවදොර මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරාය සේවක මහත්ම මහත්මීන් 250කට ආසන්න පිරිසක් සහභාගී විය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya