අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළැක්වීමට නව නීති

    අගෝස්තු 25, 2016
    ධීවර කටයුතු සදහා පිටත්ව යන බහුදින ධීවර යාත්‍රා මගින් මහා මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළක්වීම සදහා වහාම නව නීති හදුන්වා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී ඇත.
    අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවේ එම නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් අවශ්‍ය බවය. බහුදින යාත්‍රාවක් ගොඩබිමින් පිටත්ව යාමට පෙර එම යාත්‍රාවේ ගෙනයන භාණ්ඩ පිළිබදව අවධානය යොමු කර නැවත එම බහුදින යාත්‍රාව ගොඩබිමට ලගා වීමේදී රැගෙන ගිය භාණ්ඩ තිබේ දැයි නිසි ලෙස සොයා බැලිය යුතුය .
     
    පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල් වැනි අපද්‍රව්‍ය දැමීම සදහා සෑම බහුදින ධීවර යාත්‍රාවක් සදහාම බදුනක් හදුන්වාදීමේ දැඩි අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේය .ගොඩබිමට රැගෙන එන එම අපද්‍රව්‍ය රැස්කර බැහැර කිරීම සදහා පලාත් පාළන ආයතන සමග එක්වී විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට සැලසුම් කර ඇත .
    විශාල වශයෙන් අපද්‍රව්‍ය සාගරයට එක්වීමෙන් කොරල් පර ඇතුළු සාගර සම්පතට වන විනාශයෙන් සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගැනීම පිළිබද අවධානය යොමු කර මෙම නව නීති හදුන්වා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත.
     
    මෙම කටයුතු සදහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට අවශ්‍ය පියවර  ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා  උපදෙස් ලබා දුන්නේය . එසේම විනාශ වීමේ අවදානමට ලක්ව ඇති කොරල් පර රැකගැනීම සදහා කොරල් පර පවිත්‍ර කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත .
     
    මෙම කොරල් පර පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ කල ඉකුත් 17 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයෙන් පමණක් ට්‍රැක්ටර් රථ 20 පමණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට හැකිවිය . එම වැඩ පිළිවෙල දියත් කෙරුණේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි . ඒ අනුව මෙහි දෙවැනි පියවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya