අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී නිලධාරීන් දිරි ගැන්වීම සඳහා යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා- නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන

    අගෝස්තු 25, 2016
    ජීවිත පරදුවට තබමින් රාජකාරියේ යෙදෙන වනජීවී නිලධාරීන් දිරිගැන්වීම සඳහා පියවර කිහිපයක් මේ වන විට ගනිමින් තිබෙන බවත් තවත් යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා කරමින් තිබෙන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකරන ලද නියපොත්තා නැමති වන අලියා අල්ලාගත් වනජීවී නිලධාරීන් මුණගැසීම සඳහා වැල්ලවාය හම්බෙගමුව ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.
     
    ඉතා දුෂ්කර අවස්ථාවන්ට මුහුණදෙමින් ජීවිත අවදානමද නොතකා ගම්වාසීන්ට තර්ජනයක් වූ මෙම වන අලි අල්ලාගෙන අලි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු කළ ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ඇතුළු වනජීවී නිලධාරීන්ට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ හා තමාගේ ප්‍රණාමය පුදකරන බව නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී පැවසුවාය.
     
    මොණරාගල දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියළුම ප්‍රදේශවල සිටින වන අලි ඇල්ලීමේ කටයුතු සහ ආරක්ෂක විදුලිවැටවල් ඉදිකිරීමේ කටයුතු වනජීවී නිලධාරීන් විසින් තවදුරටත් සිදුකරගෙන යන බවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 තුළම වන අලි තර්ජන නැති කිරීම සඳහා පසුගිය 05 වැනිදා ආරම්භ කරන ලද වැඩසටහන් රැසක්ම මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
     
    මීට පෙරද මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්වාසීන්ට තර්ජනයක්වූ වන අලි 3දෙනෙකු සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයාමට කටයුතු කරන ලදී.
     
    මෙම 9 හැවිරිදි දැරියක හා  තවත් මිනිස් ජීවිත 4ක් මෙම වන අලියා විසින් බිලිගත් අතර නිවාස රැසකටද, වගාවන් රැසකට හානි කළ මෙම වන අලියා තිරසර සංවර්ධන හා වනජීවී නියෝජය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ උපදෙස් මත මහත් පරිශ්‍රමයක් යොදා අල්ලාගන්නා ලද්දේ වනජීවී නිලධාරීන්ගේ දකුණු පළාතේ අලි ඇල්ලීමේ කණ්ඩායම මගිනි.
     
    වැල්ලවාය ප්‍රදේශයේ ගම්මාන රැසකට බරපතල තර්ජනයක් වූ මෙම වන අලියා සිදුකළ ජීවිත හා දේපල හානි සොයා බැලීම සදහා සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය එම ගම්මාන වලට ගොස් ගම්වාසීන් මුණගැසී සාකච්ඡා කළාය. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya