අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරිද්‍රතාව තුරන් කර නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරනවා

    අගෝස්තු 24, 2016

    දරිද්‍රතාවය නැමැති ප‍්‍රශ්නය රටින් තුරන් කරමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

     

    අමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කළේ, කලවාන කුඩා තේවතු සංගමයේ විසින් පසුගිය දින සංවිධානය කළ පොහොර සහනාධාර බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.

     

    මේ හැම දෙයක්ම වෙනස් කරන්න තමයි නව රජයක් ඇති කළේ. අද සන්තොෂයෙන් කියන්න අවශ්‍යයි, පක්ෂ දෙකක් එකතු වෙලා පක්ෂ බේදයකින් තොරව ඕනෑම තැනකට ගිහින් වැඩ කර ගන්න පුලූවන් වෙලා තියෙන්නේ යහපාලනය නිසා.

    ඒවගේම රජයේ නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. නමුත් සමහර අය හිතනවා අපි රජයේ නිලධාරීන් කරන වැඩ දිහා අනිත් අයට කරන අසාධාරණකම් දිහා බලන් ඉන්නවා කියලා. තමන්ගේ යුතුකම් හරියට කරන්නේ නැති අය ගැන අපි සොයා බලනවා.


    රුපියල් ලක්ෂ 7000 ක් රත්නපුර ප‍්‍රදේශයේ කුඩා තේවතු හිමියන් 96000 කට ලැබෙන බවත් කෝටි 16 අද වෙනකොට තැපැල් කර තිබෙනවා.  තවත් කෝටි 5ක් මේ වෙනකොට බෙදාගෙන යන අතර මෙයින් තේ වගාවේ වෙනස්කම් කිහිපයක්ම ඇති කරන්න බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරිය කියා සිටියාය.

     

    තේ වගාව අවුරුදු 150 ක ඉතිහාසයක සිට මේ රටේ පැවතුණු වගාවක් වන අතර එය අපේ රටට ආදායම ගේන ප‍්‍රධාන වගාව ලෙසටත් ශී‍්‍ර ලංකා තේ නාමය ලෝකයේ ප‍්‍රසිද්ධියට පත් වුණා. නමුත් අද වන විට තේ කර්මාන්තයෙන් ලංකාවට ලැබෙන ආදායම නොයෙකුත් හේතු නිසා පහත වැටී තිබෙනවා.  


    තේ කර්මාන්ත ශාලා වැඩිපුර ඇති කර නැති තරඟය ඇති කිරීම හේතුවෙන් මේවා පවත්වාගෙන යාමේ අඩුපාඩුවක් ඇති වී තිබෙනවා. හිතුමතේ තේ කර්මාන්ත ශාලා දාන්න බලපත‍්‍ර ලබා දුන්නා. මේ කර්මාන්තය හොඳින් පවත්වාගෙන ආ  සමහර අයත් කඩා වැටුනා. විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරලා කර්මාන්ත ශාලා පටන් ගත්තත් ඒවා ඉක්මණින් කඩා වැටෙන බවත් තේ කර්මාන්ත ජාලය ඇති කළ යුත්තේ දළු සැපයුමේ ප‍්‍රමාණයට බවත් අමාත්‍යවරිය කියා සිටියාය.  රජය මේ ලබා දෙන පෙහොර මාසේ ගානේ දාන්න වෙන බාල පොහොර නෙමෙයි.  රුපියල් 2900 වටිනා පොහොර ලබා දෙන්නේ.


    අපි සුභවාදීව ගමනක් යමු. අපි උපරිම දේ රටේ ජනතාවට ලබා දෙන්න. බිලියන 10,000 ක රටේ ණය ප‍්‍රමාණය අපි ගෙවන්න අවශ්‍යයි. පසුගිය කාලේ වූ නාස්තිය දුෂණය වංචාව නිසා  ඒ පාඩුව ගෙවන්න  රජයක් හැටියට භාර අරගෙන තියනවා.

     

    මේ අවස්ථාවට කලවාන එක්සත් ජාතික පක්ෂ සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ප‍්‍රාදේශීය  කළමණාකරු ධර්මරාජ මහතා හා කලවාන ප‍්‍රාදේශීය ලේකම්වරිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya