අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන්වියේ දරුවන්ගේ ගැටළු අවම කිරීමට දෙමව්පියන් දැනුවත් කිරීම අවශ්‍යයයි

    ජූලි 26, 2016
    නව යොවුන්වියේ දරුවන් මුහුණපාන ගැටළු අවම කිරීමට නම්, මව්පිය දූ දරු සබඳතාව පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බව සර් ජොන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ, විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා  පවසයි.


    නව යොවුන්වියේ ගැහැණු දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසී ය.කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී අද (26) මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.

    මෙහිදී අඳහස් දැක්වූ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා; කෙනෙකු සෞඛ්‍ය ගැටළු හෝ  ඕනෑම ගැටළුවකට මුහුණ දෙන්නට චර්යාවන් හේතු වෙනවා.සෞඛ්‍ය සම්පන්න වර්ධනයක්
    සඳහා දැනුම, ආකල්ප,භාවිතයන් පමණක් තිබීම ප්‍රමාණවත් නෑ.ජීවන කුසළතාවන්  තිබිය යුතුයි. විශේෂයෙන් ම ගැහැණු දරුවෙකුට දෛනික ජීවිතයේ අභියෝගවලට
    ඵලදායී ලෙස මුහුණදීමට කුසළතා වර්ධනය කරගැනීම වැදගත්.

    ගැහැණු දරුවෙකුගේ මොළය වයස අවුරුදු 20-25 තෙක්, මොළයේ පූර්ව පිණ්ඩ මස්තිෂ්කයේ වර්ධනය පිරිමි ළමයකුට වඩා සාපේක්ෂව වර්ධන වේගය අඩුයි. තීරණ ගැනීම, ප්‍රශ්න නිරාකරණය, නිර්මාණශීලී සිතිවිලි, විශ්ලේෂණාත්මකව සිතීම ඉතාම වැදගත්. ගැහැණු දරුවන්ට ස්ථානෝචිත ප්‍රඥ්ඥාව දියුණු කරගැනීම වැදගත්.

    මෙහිදී දරුවන්ට වැදගත් වන්නේ, කාලය සහ අවකාශය සඳහා අවස්ථාව සළසා දීමයි. අද දරුවන්ට කාලය හා අවකාශය ලැබී නෑ. විශේෂයෙන් ම සන්නිවේදන ගැටළු බලපානවා. ඵලදායි සන්නිවේදනය, අන්තර්පුද්ගල සබඳතා සහ ඔවුන්ට ඒ සඳහා යහපත් පරිසරයක් ඇති කළ යුතුයි. විශේෂයෙන් මෙතැනදී මව ප්‍රධාන දෙමව්පියන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. දරුවන්ට සවන්දීම වැදගත්. ඒ නිසා මාපිය දූදරු සබඳතාවය පිළිබඳව දැනුවත් කිරීම ඉතාම වැදගත් යැයි වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya