මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට වෙන් වෙන්ව තරග කර ආණ්ඩු පිහිටුවීමේදී එකට එක් වෙමු - ඇමති අර්ජුන යෝජනා කරයි

    ජූලි 24, 2016

    පුංචි ආණ්ඩු පිහිටු වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  යහපාලන රජයේ ප්‍රතිපත්ති ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යෙන්ම පළාත්පාලන ආයතනවල සංයුතිය ද ජාතික ආණ්ඩු සංකල්පය මත පදනම් විය යුතු බව අවධාරණය කළේය.

    “අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දේශපාලනික වශයෙන් ලොකු ආදර්ශයක් මුළු ලෝකයටම ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අද අපේ රට නිසිලෙස මෙහෙයවනවා. රට සංවර්ධනය කිරීමේ සහ ගොඩනැගීමේ අරමුණින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක මේ දේශපාලන ක්‍රමවේදය අපි ග්‍රාමීය මට්ටම දක්වාත් ගෙන යා යුතුයි".

    ඒ සඳහා හොඳම අවස්ථාව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයි. එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒවගේම ජනතා විමුක්ති පෙරමුණත් වෙන වෙනම තරග කිරීම වැදගත්. තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව එහිදී සෑම පක්ෂයකටම රැක ගන්න පුළුවන්. නමුත් පළාත්පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවීමේදී විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කිරීම වැදගත් වන බව හෙතෙම සඳහන් කළේය.
     

     මහ ආණ්ඩුව මෙන්ම පුංචි ආණ්ඩුද ජාතික ආණ්ඩු සංකල්පය මත පිහිටුවීම වැදගත්. එතකොට අපිට තව අවුරුදු 5කින් මේ රටේ විශාල දේශපාලනික වෙනසක් වගේම රටේ දියුණුවකුත් දැක ගන්න පුළුවන් වේවි යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    එතුමා මේ බව කියා සිටියේ කළුතර පයාගල ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya