මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දස වසර සදහා ක‍්‍රමවත් සෞඛ්‍ය සැලැස්මක් සකස් කිරීමට පියවර

    ජූලි 24, 2016

    ඉදිරි දස වසර සදහා ක‍්‍රමවත් සෞඛ්‍ය සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ අනුව දස අවුරුදු නව සෞඛ්‍ය සැලසුමක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කරන්නේ ඉදිරි දස වසර සඳහා සම්පුර්ණ මනා ක‍්‍රමවත් සෞඛ්‍ය සැලසුමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ විශේෂඥ වෛද්‍යවරුන් 250 කගේ එකතුවකින් මාස කිහිපයක් මුළුල්ලේ සාකච්ඡා කර කෙටුම්පත් කර ඇති බවයි.

    මෙයට මහජනතාවගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබි අඩවියෙහි  පළ කර ඇත. ඒ පිළිබඳ පුවත්පත් නිවේදන 2016 ජුනි 19 සති අන්ත පුවත්පත්වල ද පළ කිරීමට පියවර ගෙන තිබේ.  මහජන අදහස් මේ වනවිටත් ලබාගනිමින් පවති. තවද මෙම සෞඛ්‍ය සැළැස්මේ පිටපත් සියළුම පළාත් සභා වලට සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වෘත්තීය සමිතිවලට ද යොමු කර ඇත. එම අදහස් සියල්ල එකතු කර අවසානයේ සැලසුම් සකස් කර කඩිනම්න් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    මෙහිදී විවිධ සායනික විශේඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනය ද විශේෂඥ මණ්ඩල 20 ක් පමණ ද මෙම සෞඛ්‍ය සැකසුම සකස් කිරීමට ස්වෙච්ඡාවෙන් දායක විම විශේෂ සිද්ධියකි. මෙයට දස වසරකට පෙර එවැනිසැකසුමක් සකස් කිරීමට රුපියල් මිලියන 225 ක් වැය කර තිබු අතර  මෙම නව සැළස්ම සකස් කිරීමට වියදම්වුයේ රුපියල් මිලියනයකටත් වඩා අඩු මුදලක් වීම ද විශේෂ කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය දා පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya