අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම 08 වනදා දක්වා

    ජූලි 01, 2016
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ පළමු, දෙවන සහ තුන්වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ජූලි මස 16 සහ 17 යන දෙදින තුළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් පැවැත්වීමට නියමිතය.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2016 සහ ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 04/2016 මගින් මාර්ගගත (Online) ක්‍රමයට මෙම විභාගය සඳහා අයදුම් පත් කැඳවනු ලැබේ.  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.slida.lk වෙබ් අඩවියේ මෙනු පරිත්තෙන් Examination උප මෙනුව විවෘත කර තමන්ට අදාළ විභාගය තෝරා ගැනීමෙන් විභාග අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමට හැකිය.
     
    ඉහත චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද පළකර ඇති අතර ජුනි 25 වන දින සිට ජූලි 08 දින දක්වා කාලය තුළ පමණක් අයදුම් පත් කැඳවනු ලබන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya