අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත‍්‍රික්ක 10ක ඩෙංගු වසංගත තත්ත්වයක්-ඩෙංගු මර්දන ඒකකය

    ජූනි 30, 2016

    දිස්ත‍්‍රික්ක 10 ක් පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් පැතිර යන බවත් එමඟින් මරණ 35 ක් සිදුව ඇති බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනාවරණය කරයි.

    වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ සහ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ ඊයේ (29)පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරය විය.

     

    එම දිස්ත‍්‍රීක්ක 10 න් කොළඹ,ගම්පහ,මහනුවර, කළුතර සහ මාතලේ දිස්ත‍්‍රික්කවල දැඩි අවදානම් තත්ත්වයක් දක්නට ලැබෙන බවත්  මහනුවර දිස්ත‍්‍රික්කයේ මහනගර සභා සීමාව, යටි නුවර සහ ගඟවට කෝරලය ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහල අගයක් ගන්නා බව ද මෙම සාකච්ඡාවට  එක් වූ ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා ප‍්‍රකාශ කළේ ය.

     

    එම දිස්ත‍්‍රික්ක 05 කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අද උදෑසන සිට තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ විය. මෙම වැඩසටහන ජුලි මස 02 දින දක්වා ක‍්‍රීයාත්මක වෙයි.

     

    ත‍්‍රිවිධ හමුදාෙවි සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25 ක් ආවරණය වන පරිදි කණ්ඩායම් 500 ක් නිවෙස් වලට ගොස් පරිශ‍්‍ර පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya