අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත ගැටලු විසඳීමට කමිටුවක්

    ජූනි 30, 2016

    ලංකාවේ කර්මාන්තපුර වල සිටින ආයෝජකයින් හා කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික කමිටුවක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කෙට ඒ සඳහා විසඳුම් ලබා ගැනීමත්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී කර්මාන්තකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමත් අරමුණු කරගනිමින් මෙම ජාතික කමිටුව පිහිටුවා තිබේ.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කර්මාන්තපුරවල ආයෝජකයින්, කර්මාන්තකරුවන්, කර්මාන්තපුර සඳහා යටිතල පහසුකම් සපයන්නන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙම ජාතික කමිටුව නියෝජනය කරයි.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ස.තො.ස. ශ්‍රවණාගාරයේදී මෙම කමිටුව පිහිටුවන ලද අවස්ථාවේදී  මූල්‍යමය , පාරිසරික , අමුද්‍රව්‍ය සපයාගැනීම, වෙළඳපල සපයාගැනීම, සේවක , බලශක්තිය , වරිපණම්, බදු ගෙවීම, විදුලි බිඳවැටීම්, අපද්‍රව්‍ය පිරිපහදුකිරීම  වැනි හඳුනාගත් පොදු ගැටලු රැසක්  සඳහා අවධානය යොමු කළ අතර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීම ද  සිදු විය.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ. බී.තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු,  ආයතන ප්‍රධානීන් , කර්මාන්තකරුවන්, ආයෝජකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya