අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් නෑ- වෛද්‍ය පාලිත මහීපාල

    මැයි 30, 2016

    පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දින (31) ක‍්‍රීයාත්මක කිරීමට යෝජිත වැඩවර්ජනය පිළිබඳව කරුණූ දැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද දින (30) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා -

    පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීෙමි දී කරුණූ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. සේවා අවශ්‍යතාවය, වාර්ෂික ස්ථානමාරු,උතුරු නැගෙනහිර සේවය ,වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්,ඇතුළු තවත් කරුණූ රැසක් ඊට ඇතුළත්.

    2016 වසරේ ස්ථාන මාරුවීම් සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී ප‍්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු ඇත. ඉල්ලීම් 3578 ක් ලැබුන අතර, වෛද්‍යවරුන් 1065 කට ස්ථාන මාරුවීම ලබාදීමට තීන්දු කළා.

     

    ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක්  පවත්වා මාර්තු මස 24 දින සිට අපේ‍්‍රල් මස 12 දින දක්වා අදාල ලේඛණය සකස් කළා.  එය අපේ‍්‍රල් මස 18 දා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබි අඩවියට යොමු කිරීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා ගොනු කළා. ඉන් පසු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා III වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද සාකච්ඡාවක් පැවැත් වුවා.එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව ලේඛණය  යළි සකස් කළා.

     

    මෙම ලේඛණය සකස් කරන විට රජයේ රෝහල් 39 ක් වැසී තිබූ අතර ඒවා යළි විවෘත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මා වෙත දැනුම් දී තිබුනා. පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී  දී  මේ පිළිබඳව සාකච්ඡා කළා. ඉන් පසු වෛද්‍යවරුන් 1065 කගෙන් යුත් ලේඛනයක් සකස් කළා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද සාකච්ඡාවලින් අනතුරුවයි. නව පත්වීම් ලබාදීමේ දී වෘත්තීය සමිතිවලට සහභාගිවීමේ බලතලයක් මෙතෙක් ක‍්‍රියාත්මක වී නැහැ. ඒ බව ආයතන සංග‍්‍රහයේ සහ රාජ්‍ය සේවා කොමිසෙමේ චක‍්‍රලේඛවල ද සදහන් වනවා. නමුත් වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා පමණක් වෘත්තීය සමිති ව්‍යාපාර සාකච්ඡාවලට සහභාගී කර ගැනීම මීට පෙර ද සිදු වුනා. සෞඛ්‍ය දෙපාර්තෙමේන්තුව ප‍්‍රතිපත්තිමය තීරණ ක‍්‍රියාත්මක කිරීමට බැදී සිටිනවා.

    ඒ අනුව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ජුනි මස 06 ලබාදීමට පියවර ගන්නවා.ජුනි මස 02 දින දක්වා සිය ඉල්ලීම් වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ හැකියි. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ක‍්‍රීයාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. මෙම ලේඛණය සකස් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම ප‍්‍රකාශ කරනවා.වසා දමා තිබූ රෝහල් 39 පමණක් යළි විවෘත කරන ලෙසසි අමාත්‍යවරයා මා වෙත දැනුම් දුන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ලේඛණය පිළිබඳව  අවසන් වරටත් මා සමග සාකච්ඡා පවත්වා එකඟගත්වය පළ කළා. හෙට දින වැඩවර්ජනයක් ක‍්‍රීයාත්මක වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම්.

    රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකිරීම අපගේ අරමුණයි. ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජනවල නිරත නොවන ලෙස මා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලා සිටිනවා.මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි බව මාගේ විශ්වාසය යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya