අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තරුණ සංවර්ධන වැඩසටහන ශක්තිමත් කරමින් විරැකියාව තුරන් කිරීමට සැලසුම්

    මැයි 29, 2016

    රජය විසින් ජාතික යොවුන් සේනාංකය මඟින් නව වැඩ පිළිවෙලක් ලෙසට ''ජාතික තරුණ සංවර්ධන වැඩසටහන'' ආරම්භ කර ඇති අතර එහි මූලික අරමුණ ලෙසට තරුණයන්ගේ නායකත්ව ගුණාංග,හැකියා හා කුසලතා වර්ධනය,ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය තුළින් රැකියා උත්පාදනය වැඩි දියුණු කිරීම මගින් විරැකියාව තුරන් කිරිම සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩසටහන ජාතික යොවුන් සේනාංකය, ජාතික ශිෂ්‍යභට බලකාය, අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුනතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කරනු ලැබේ.

     

    ඒ අනුව, පාසල් හැර යන තරුණ තරුණියන් බඳවා ගෙන ඔවුන් සවිබල ගැන්වීමෙන්  පසුව රැකියා වෙළඳපොල පදනම් කර ගත් වෘත්තීය පුහුණු සහ ව්‍යාපාර ආරම්භ  කිරීමට කටයුතු කරනු ලැබේ. පුහුණු කාලය තුල ඔවුනට මාසිකව රු.3000/- ක  දිමනාවක් ලබා දෙන අතර වෘත්තීය පුහුණුව සඳහා වන වියදම රජය විසින් දරයි.

     

    පුහුණුවට අමතරව මෙම තරුණ තරුණියන් දේශීය හා විදේශීය රැකියා අවස්ථා වෙත  යොමු කෙරේ. මෙම වැඩසටහන සඳහා 2016 අයවැයෙන් රු.මිලියන 3000 ක් වෙන් කර ඇති අතර  උතුරු නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන් 1500 ක් සම්බන්ධ කෙරේ. ලබන  වසරේදී මෙම වැඩසටහන සඳහා තරුණ තරුණියන් 4000 ක් බඳවා ගැනීමට යෝජිතය.


    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා  මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පාරිලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya