අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ කාන්තාවන්ගේ ජීවනෝපාය නැංවෙයි

    මැයි 29, 2016

    උතුරු නැගෙනහිර පළාත් වල වැන්දඹු හා ගෘහ මුලික කාන්තාවන් උදෙසා ඔවුන්ගේ ජීවනෝපාය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.


    ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති වැන්දඹු හා ගෘහ මුලික කාන්තාවන් උදෙසා කටයුතු කිරීමට සඳහා ජාතික
    මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

     

    මෙම මධ්‍යස්ථානය යටතේ කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, ව්‍යවසායකත්ව වැඩසටහන් ,නිපුණතාවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    සඳහා මේ වනවිටත් වැඩපිළිවෙලක් සකස් කර ඇත.

     

    ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන වැන්දඹු හා ගෘහ මුලික කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම යටතේ ඔවුන්ගේ ජීවනෝපාය
    පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා 2015 වර්ෂයේ දී විශේෂ ව්‍යාපෘතියක් යටතේ මිලියන 50 ක් යොදවමින් වැන්දඹූ හා ගෘහ මුලික කාන්තාවන් 2008 දෙනෙකු
    ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සිදු කර ඇත.

    ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය 2016 වර්ෂය තුළ පහත සඳහන් ව්‍යාපෘතින් උතුර නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරමින් පවතී.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පාරිලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ ප්‍රශ්නවලට
    පිළිතුරු ලබා දෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya