අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ ඩෙංගු මර්ධන වැඩ සටහනක්

    මැයි 02, 2016
    ජාතික ඩෙංගු මර්ධන සතියට සමගාමීව බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.සී.වැලිකන්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් යුධ හමුදා සහ පොලිස් නිළධාරීන්ගේද සහයෝගයෙන් වැටලීම් රැසක් සිදු කර ඇත.
    මෙහිදී මදුරුවන් බෝවිය හැකි ලෙස සිය නිවාස හා අවට පරිසරය අපවිත්‍රව පවත්වාගෙන යන ලද ස්ථාන රැසක් හඳුනා ගැනීමට හැකිවී ඇති අතර ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත.
     
    මෙහිදී සිය නිවාස හා අවට පරිසරය අපවිත්‍රව පවත්වාගෙන පිළිබඳව වරද පිළිගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයින් සිවු දෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත්වරයා රුපියල් දස දහසක දඩ මුදලක් නියම කර ඇත.
     
    මදුරුවන් බෝවිය හැකි ලෙස අක්‍රමවත් ලෙස වාහන අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම පිළිබඳව සහ සිය නිවාස අවට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳව අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 3,000 බැගින්ද, මදුරුවන් බෝවිය හැකි ලෙස සිය නිවාස අවට පරිසරය අපවිත්‍රව පවත්වාගෙන යාම පිළිබඳව සහ අප ජලය රැදෙන පරිදි නිවාස හා කාණු පද්ධතිය පවත්වාගෙන යාම පිළිබඳව වරද කරුවන් වූ හාලිඇල බෝගහමඩිත්ත සහ හාලිඇල ක්වීන්ස්ටවුන් වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 2,000 බැගින්ද මෙහිදී දඩ නියම විය.
     
    AP/DMU-Badulla
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya