අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දිනයට මාර්ගවල ගමනාගමනය සිදු වන්නේ මෙසේයි

    මැයි 01, 2016
     
    මැයි දින පෙළපාලි සහ රැස්වීම් හේතුවෙන් අද දිනයේ කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා තබන අතර ඇතැම් මාර්ගවල වාහන ගමනා ගමනය සීමා කරන බව බව පොලිස් මූලස්ථානය පැවසී ය.
     
    ඒ අනුව, අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මාලිගාවත්ත ප්‍රදේශයේ ප්‍රදීපා මාවත , ජුම්මා මස්ජිත් හන්දිය සිට සංඝරාජ වටරවුම දක්වා මාර්ගය වසා තැබෙනු ඇති.
     
     
    පස්වරු එකේ සිට 6 දක්වා බේසලයින් මාර්ගය දෙමටගොඩ හන්දියේ සිට බොරැල්ල හන්දිය දක්වා ත්නාරාහේන්පිට හන්දියේ සිට හයිලෙවල් පාර දක්වා ත් වසා තැබෙනු ඇති.
     
    අද පස්වරු 2 සිට 6 දක්වා හයිලෙවර් මාර්ගයය ස්ටැෆර්ඩ් වර්ණ සංඥා පුවරු වල සිට හැව්ලොක් පාර,ඩික්මන් පාර වර්ණ සංඥා පුවරු දක්වා වසා තැබීමට නියමිත ය.
     
    මධ්‍යහන 12.30 සිට පස්වරු 3 දක්වා පාර්ක් පාර බේස්ලයින් පාර, සරණපාර හන්දියේ සිට පරණ පාර , ඇන්ඩර්සන් නිවාස හන්දිය දක්වා වාහන ගමනා ගමනයට වසා තැබෙන බව පොලීසිය සඳහන් කළේ ය.
     
    මේ අතර තව ත් මාර්ග රැසක වාහන ගමනා ගමනය සීමා කිරීමට ද තීරණය කර තිබේ.
     
     
    ඒ අනුව, මාර්ග අංක 138 පිටකොටුව, මහරගම, කොට්ටාව, හෝමාගම සහ හයිලෙවර් මාර්ගයේ දුර ගමන් සේවා බස්රථ සඳහා දහවල් 12 න් පසුව විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.
     
    එම බස් රථ තුන්මුල්ල , බෞද්ධාලෝක මාවත , කනත්ත වටරවුම, බෙස්ලයින් පාර, නාරාහේන්පිට, නාවල හන්දිය , නුගේගොඩ සහ හයිලෙවර් මාර්ගය භාවිත කළ යුතු ය.
     
     
    මාර්ග අංක 120/125 හොරණ, කැස්බෑව, පිළියන්දල, ඉංගිරිය බස්රථ තුන්මුල්ල, බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර , ගාලු පාර, පැපිලියාන ඔස්සේ දෙහිවලින් පිළියන්දල පාරට යොමු විය යුතු බව පොලිස් මූලස්ථානය පවසයි.
     
    මාර්ග අංක 154 කිරිබත්ගොඩ – අඟුලාන බස්රථ, කැලණි පාලම, බණ්ඩාරනායක වටරවුම, ඔරුගොඩවත්ත හන්දිය, වැල්ලම්පිටිය, කොලොන්නාව පාර , ඔබේසේකරපුර, කොටා පාර, කාසල්විදීය , බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හා ගාලු පාර භාවිත කළ යුතු ය.
     
    මාර්ග අංක 170 – 190 බස්රථ පිටකොටුව, සෙරමික් හන්දිය , ඩි.ආර්. විජේවර්ධන මාවත, ගාමිණි හෝල්, ටි.බි ජයා මාවත, ඉබ්බන්වල, සොයිසා වටරවුම, වෝඩ් පෙදෙස, බොරැල්ල හන්දිය සහ කොටා පාර විකල්ප මාර්ග ලෙස භාවිත කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya