අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව සමඟ කටයුතු කිරීමේදී ප්‍රාදේශීය පරිපාලනය ඉතා දුර්වල තත්ත්වයක පවතී - ස්වදේශ කටයුතු අමාත්‍ය

    මැයි 01, 2016
    අහිංසක, දුප්පත් ජනතාව සමඟ කටයුතු කිරීමේදී ප්‍රාදේශීය පරිපාලනය ඉතා දුර්වල තත්ත්වයක ඇති බව තමන් අත්දැකිමෙන් ම දන්නා බවත්, ඒ සඳහා දඩුවම් කිරීමෙන් හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම නොව රාජ්‍ය නිලධාරීයා තුළින් ම ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම මඟින් ඒ තත්ත්වය නිවැරදි කර ගත යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
     
    වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගියදා සිය අමත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී රාජ්‍ය නිලධාරීයාගේ කාර්යය නිසි ලෙස අවබෝධ කර ගෙන පොදු මහජනතාවට සේවය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, නව ආර්ථික පිම්ම පැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.
     
    මෙහීදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,  ‘‘අපි රට සංවර්ධන මාවතට ගෙන යන්නේ රටේ යල්පැන ගිය නීති සමඟයි. සුද්දාගේ කාලයේදී තිබු මුදල් රෙගුලාසි තමයි අපි තවමත් කරේ තියාගෙන යන්නේ. සුද්දොත් ඒවා ඉරලා විසි කරලා බොහෝ කල් . ඒ නිසා තමයි ඔවුන් ජාතියක් ලෙස ඉදිරියට ගියේ. ආයතන සංග්‍ර‍හයත් එහෙමයි.  ඒවා වෙනස් විය යුතුයි. නමුත් වෙනස් වෙලා නැහැ. ඒ තුළ තමයි අපි වැඩ කරන්නේ.
     
    දැන් ලෝකය විශාල ලෙස ඉදිරියට ගොස් තිබෙනවා. තාක්ෂණය දියුණු වෙලා. අන්තර් ජාලය, ඊ මෙල් මඟින් ගනුදෙනු කරන්නේ,නමුත් අපේ රාජ්‍ය සේවය තවමත් පරණ ආයතන සංග්‍ර‍හ,මුදල් රෙගුලාසිවලට සීමා වෙලා.
     
    මේ සමඟ රටක් දියුණු කිරීමට තියෙනවා. අමාරු කර්තව්‍යයක්.ඔබ සියලු දෙනාටම විවිධ අදහස්,මතවාද ඇති. රාජ්‍ය සේවකයා,රාජ්‍ය සේවකයා විය යුතුයි. පවතින ආණ්ඩුවේ ප්‍ර‍තිපත්ති ක්‍රියාවට නැංවීම ඔහුගේ,ඇයගේ වගකීමයි. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ පවතින්නේ එයයි. එය හොද නැති නම් මහජනතාව එම ප්‍ර‍තිපත්ති වෙනස් කරයි. ඒ ගැන කලබල විය යුතු නැහැ.
     
    ඒ නිසා තමයි පෞද්ගලික අංශය ඉදිරියට ගියේ. තවදුරටත් ඉදිරියට යමින් පවතින්නේ. ඔවුන් අන්තර් ජාලය සමඟ ගනුදෙනු කිරීම තුළ විප්ලවීය ඉදිරි පියවරකට ගොස් තිබෙනවා. අපේ රාජ්‍ය සේවයත් ඒ අනුව වෙනස් විය යුතුයි. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ දර්නය එයයි. රට සංවර්ධනය කිරීමේ මාවතට යන්න නම් අපි ඒ වෙනස් කම් කළ යුතුයි” යැයි කීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya