අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව සම්බන්ධව සමාලෝචන කමිටුවට නම් යෝජනා කෙරේ

    අප්‍රේල් 30, 2016

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත්කෙරේ.


    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත පත්කෙරෙන මෙම කමිටුව සඳහා නම් යෝජනා  සිදු කෙරුණු බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.


    ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව යනු බහළු මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීම සඳහා සේවකයින්ට ලබා දෙන දිරි දීමනාවකි. එම දීමනාව වඩාත් සාධාරණ ලෙස සේවකයින්ට ලබා දීමට අවශ්‍ය ක්‍ර‍මෝපායන් සොයා බැලීම යෝජිත කමිටුවේ අරමුණයි.


    කමිටුවේ සභාපති ධූරයට වරාය සහ නාවික අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (කාර්මික සබඳතා) කේ. එස් පීරිස් මහතාද ලේකම් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතාගේද නම යෝජනා විය. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර, ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් සිල්වා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ  නම් ද  යෝජනා විය. ඊට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමස්ත ලංකා පොදු සේවක සංගමය යන වෘත්තීය සමිති නියෝජිතයින්ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya