අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරන්තන් රසායනික කම්හල ඉදිකරන්න රුපියල් මිලියන 525 ක්

    මැයි 01, 2016
    යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 
    මේ සඳහා රුපියල් මිලියන 525 ක් පමණ වැයවෙතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇති බවත් මෙම වසර අවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය. 
     
    අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේ පසුගියදා කිලිනොච්චියේ රසායනික කම්හල තිබූ අක්කර 217 ක භූමි ප්‍රදේශය නිරීක්ෂණය කරමිනි. 
     
    1954 දී ආරම්භ කල මෙම රසායනික කම්හල 1985 දී යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ විය. ශ්‍රී ලංකාවේ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගැනෙන කෝස්ටික් සෝඩා අවශ්‍යතාවය මෙම පරන්තන් කම්හල හරහා සපුරා ගනු ලැබුවද එය විනාශවීමෙන් පසුව සබන්, කඩදාසි, රෙදිපිළි යනාදී නිෂ්පාදන සඳහා අවශ්‍ය කෝස්ටික් සෝඩා ආනයනය කිරීමට සිදුවිය.
     
    පරන්තන් කම්හල නැවත ක්‍රියාත්මක කිරීමෙන්  මෙරට සමස්ථ ක්ලෝරීන් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම මෙම කම්හල හරහා සපුරාගත හැකිවනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට වාර්ෂිකව ක්ලෝරීන් ආනයනය සඳහා රුපියල් මිලියන 130 ක් වැය කිරීමට සිදුව ඇත. 
     
    පරන්තන් රසායනික කම්හල, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පරන්තන් රසායනික සමාගමට අයත්  වන අතර එම සමාගම 2015 වර්ශයේදී රුපියල් මිලියන 150 ක ලාභයක්ද ලබා ඇත.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya