මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට සේවය කිරිමට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත යුතුයි

    අප්‍රේල් 30, 2016

    තමන් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දේශපාලඥයෙක් නිසා ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමන් සමඟ සිටින ජනතාව ආරක්ෂා කිරිමට සිදුවන බවත් සම්මුතිවාදී ආණ්ඩුවක් හරහා ජනතාවට සේවය කිරිමට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත යුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.


    නියෝජ්‍ය ඇමැතිවරයා පිළිගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති උත්සවයේ දී   අඳහස් දක්වමින් නියොරෙජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.


    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, සමඟ එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් නිර්මාණය කරලා තිබෙන්නේ මේ රටේ විසදාගැනීමට නොහැකිවූ ගැටලූවලට විසදුම් ලබාගැනීමටයි.දේශපාලන මති මතාන්තර පැත්තක තියලා ජනතාවට සේවය කිරිම සදහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකට එකතුවෙලා තිබෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම තමයි අපි හැමෝගෙම වගකීම වන්නේ.

     

    ලංකාවට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ගය වන්නේ විදේශ රැකියා හරහා ලැබෙන ආදායමයි. මෙම ආදායම් කළමනාකරණය කරලා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ ඇමැතිවරිය සමඟ එකතුවෙලා, රටේ ආර්ථිකය ඉහළ දැමීමට මට ලබාදුන් අවස්ථාව ගැන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

     

    මට වෙනත් අමාත්‍යාංශයක නියෝජ්‍ය ඇමැතිධූරයක් ලබාදීමට තිබුණා. එහෙත් රටේ ආර්ථික ප‍්‍රගමනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි අමාත්‍යාංශයක් මට ලැබී තිබෙනවා. අපි තරුණයින් ලෙස දේශපාලනයට පිවිසියේ රටට යමක් කිරිමටයි. එ් සදහා මට දැන් අවස්ථාවක් ලැබී තිබෙනවා.

     

    මේ කාලය ඇතුළත විදේශ රැුකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ගේ සුභසාධනය, වැටුප් ඉහළ දමාගැනීමට ඇමැතිවරිය කටයුතු කරන්නේ නොයෙක් නොයෙක් දුෂ්කරතා මැදයි. එ් ගමනට මට ලබාදිය හැකි උපරිම සහාය ලබාදිමට මම කටයුතු කරනවා. එ් වගේම අපේ අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට ලබාදිය හැකි උපරිම සේවය මම ලබාදෙනවා.

    එ් වගේම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සේවය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට සම්බන්ධ සේවකියන්ගේ ගැටලූවලට වගේම ජාතික සේවක සංගමයට අනුබද්ධව සිටින එක්සත් ජාතික පක්ෂයේ සහෝදර සහෝදරියන්ගේ ගැටලූවලටත් විසදුම් ලබාදීමට අපි මැදිහත් වෙනවා. සියලූම සේවකයින් සමග අපි එක්ව ඉදිරියට යනවා.

     

    මම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දේශපාලඥයෙක්. තලතා අතුකෝරළ ඇමැතිතුමිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විට මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා. හෙට දවසේදී ශ‍්‍රී ලංකා නිදහස්  පක්ෂය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමන් සමඟ සිටින ජනතාව වෙනුවෙන් විය යුතු කාර්යභාරය ඉටු කිරිමටත් මට සිදුවෙනවා. එ් අය ආරක්ෂා කිරිමේ වගකීමත් මට පැවරි තිබෙනවා. මේ සියල්ල සාමූහිකව ඉදිරියට ගෙන යාමට අපිට සිදුව තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya