මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් කෙටි චිත්‍රපට තරඟාවලියක්

    අප්‍රේල් 30, 2016

    ජගත් පරිසර දිනය (ජුනි 05)නිමිත්තෙන් ''සොබා චලන සිතුවම්'' නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරඟාවලියක් සංවිධනය කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

    විනාඩි පහක කාලයකට සීමා විය යුතු කෙටි චිත්‍රපටය පරිසරය පිළිබඳ ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණය කළ හැකිය.ඕනෑම භාෂාවකින් නිර්මාණය ඉදිරිපත් කළ හැකි අතර  නිර්මාණය සඳහා ඉංග්‍රිසි උපශීර්ෂය යෙදීම වඩාත් සුදුසුය.

     

    එක් තරඟකරුවෙකුට නිර්මාණ එකකට වැඩි සංඛ්‍යාවක් වුවද ඉදිරිපත් කළ හැකි අතර එක් නිර්මාණයකින් ඩී.වී.ඩී. පිටපත් දෙකක් බැගින් ලබාදිය යුතුය. තරඟය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් සිදු කෙරේ.

     

    ප්‍රථම ස්ථානය දිනාගන්නා නිර්මාණයට රුපියල් 50,000.00ක් දෙවැනි ස්ථනයට රුපියල් 40,000.00ක් තෙවැනි ස්ථානයට රුපියල් 30,000.00ක් ලෙස මුදල් ත්‍යාග ද සම්මන සහතික පත්‍රද පිරි නැමේ.සියලු නිර්මාණ මැයි මස 15 දිනට පෙර අධ්‍යක්ෂ, ප්‍රවර්ධන හා පරිසර අධ්‍යාපන අංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, අංක 82,සම්පත්පාය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya