අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිම වුවමානවක් නෑ- අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    පෙබරවාරි 09, 2016

    පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිම වුවමානවක් නැති බවත් මැතිවරණය පැවැත්වීමට ජූනි මාසය ඉලක්ක කරගෙන සිටින බවත් නිසි ආකාරයට නිසි කාලයට ඡන්දය පැවැත්වීමට උත්සහ කරන  බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

     

    පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීර්ණ කටයුතු සිදු කරගෙන යනවා. මම බාර ගත්තේ විශාල ප්‍රශ්නයක්. අවුල් වූ නූල් බෝලයක්. මේක ලිහන්න කාලයක් ගත වෙනවා.පූර්ණ උත්සහයක් ගන්නවා, ඉක්මනින්ම මැතිවර්ණය තියන්න.ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් ලබාදුන්නා ප්‍රමාද නොකරන ලෙසට.

     

    පළාත් පාලන මැතිවරණය තියන්නේ කොට්ඨාශ ක්‍රමයටයි. ඒ නිසා අලුත් පක්ෂ හැදුවට වැඩක් නෑ.ඒ නිසා පක්ෂ කඩන්න උත්සහ ගන්න එපා.පළාත් පාලන මැතිවරණය පරණ ක්‍රමයට තිබ්බොත් එය ජනතාවට කරන ද්‍රෝහිකමක්.ජනාධිපතිතුමා පොරොන්දු වුණා ගමට වගකියන ජනතා නියෝජිතයෙක් පත් කරගන්නා ඡන්ද ක්‍රමයකට.

     

    මැතිවරණය පැවැත්වීමට ජූනිමාසය ඉලක්ක කරගෙන සිටිනවා.නිසි ආකාරයට නිසි කාලයට ඡන්දය පැවැත්වීමට උත්සහ කරනවා.අභියාචනා 2000ක් විතර ලැබිලා තිබෙනවා.විශාල අභියෝගයක් තිබෙනවා.අභියෝගයන්ට නිසි විසඳුම් සොයලා,ඡන්දය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.ඡන්දය පැවැත්වීම මමවත්, ජනාධිපතිතුමාවත් ප්‍රමද කර නෑ. ඡන්දය පරක්කු කරන්න වුවමනාවක් නැතැයි ද අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya