අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ජපන් ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    පෙබරවාරි 09, 2016

    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජපන් සංචාරයේදී ඇතිකරගත් එකඟතාවයක්  මත දෙරට අතර ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විය.

    ශ්‍රී ලංකාව තුළ යහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය වීමත් සමඟ ජපන් සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට වැඩි කැමැත්තක් දැක්වීමත් සම ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය සඳහා ජපානයේ සහයෝගය වැඩි වශයෙන් ලබා දීමද  මෙහි අරමුණක්  වී තිබේ.

     

    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.අයි. එම්.රෆීක් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ජපන් රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ, හියිදේහරු තානාකා (Hideharu Tanaka) මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, අයිකො කිමුරා (Aiko Kimura) යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ  ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද  සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya